ඕවර් තින්කින්

 

තාරුණ්‍යය අද වැඩි කතාබහට ලක් වන්නේ විවේචනයන්ටය.එහෙත් සෑම පුද්ගලයාටම පාහේ ජීවීතයට අලුත් පිටුවක් පෙරළන යුගයකි.අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන අවධියක්. කඩඉම් විභාග, ප්‍රථම ආදරය, ප්‍රථම රැකියාව වගේ ජීවිතේ හරි හරියට පටන් ගන්න දණබඩ ගාන්නෙ මේ කාලේ.ඉතිම් මේ හැමදේම අස්සේ ජයග්‍රහණ වගේම පරාජයනුත් සෙවනැල්ලක් වගේ පස්සෙන්ම ඉන්න කාලයක් තමයි මේ තාරුණ්‍ය .

තාරුණ විසේ අස්සෙ අවිවේකය,අනාගතය පිළිබද ඇති දෙගෙඩියාව,විවිධ පාර්ශ්ව වෙතිල් එල්ල වන පීඩනය නිසා මානසික රෝගයන් බෝවන රෝගයන් බවට පත්ව ඇත. මෙවැනි අභියෝග නිසා  ශාරීරිකව,මානසික සෞඛ්‍ය පිළිබඳව සොයා නොබලා කටයුතු කරන තත්වයකදී ඔබට, ඔබ මහා සාගරය මැද අතරමංවී පෙනෙනතෙක් මානයක උදවු ඉල්ලීමට පුද්ගලයකු හෝ නැවක් නොපෙනෙන අයකු ලෙස හැගෙනු ඇත.මෙවැනි තත්වයන් කාංසාව ලෙස මනෝවිද්‍යාවේදී හදුන්වයි.

ඉක්මනින් විඩාවට පත් වීම, මානසික ඒකාග්‍රතාව නොමැති වීම,කලබලකාරී හැසිරීම් රටාව යනාදිය මෙහි රෝග ලක්ෂණ වේ. මෙය සැණෙකින් හට ගන්නා මානසික තත්වයක් නොවේ.දීර්ඝ කාලයක් සිට පවතින මානසික දුර්වලතාවයක ප්‍රතිපලයකි. තරුණ බව තුළ ශාරීරික ශක්තිය මැනවින් පිහිටා තිබුණද කාංසා තත්වය ප්‍රතිශක්තිකරණයට පවා අභියෝග එල්ල කරනු ලබයි. වර්තමානයේ පවතින කොවිඩ්19 වැනි සමාජ ගැටලු අවස්තා වලදී ඒවා වැඩි වශයෙන් බලපානු ලබන්නේ තාරුණ්‍යයටයි. ඉදිරි අනාගතය පිළිබද අනියත බියකින් කලයක් තිස්සේ සිටීමට සිදු වීම නිසා ඉච්ඡාභංගත්වයට පත් වන්නන් කටුක මානසික තත්වයකට මුහුණ දේ.

මෙසේ කාංසාව බලපෑම් ඇති කරනවා සේම අපට යම් කටයුත්තක් වඩාත් හොදින් කිරීමට ඍජුව උනන්දු කරවන සාධකයක් වන අවස්ථාද ඇති විය හැකිය.තම අනාගතය පිළිබදව ඇති විය හැකි බිය පිළිබදව සිතමින් සිටින විට එයට හොදින් මුහුණ දීමට පෙර සූදානම් වීම මීට කදිම නිදසුනකි.අප සමහර විටෙක ඉවතලන දෑ තවත් වේලාවක බෙහෙතට අවශ්‍ය වනබව සිංහල ජනප්‍රවාදයේ පැවත එන ඔවදනකි. එසේ කාංසාවද ඔබට ඔබගේ ජයග්‍රහණයේ මූලික සළකුණ වන අවස්තා ඔබට අත්විදීමට හැකිවීම ඉතා සුලභ කරුණක් වනු ඇත.

කාංසාව ඔබ රෝගියෙකු හෝ නරක පුද්ගලයකු ලෙස සළකණු ලැබීමට තුඩු දෙන කරුණක් නොවේ. එය ඔබට ඔබගේ මනස හරි මගට ගැනීමට ලැබෙන අනතුරු ඇගවීමකි. දැනට රටේ තිබෙන තත්වය සෑම පුද්ගලයකුටම මෙම අවස්තාවේදී සමානව අත්විදීමට සිදුවන ගැටලුවකි.එය අප තේරුම් ගත යුතුය.මෙම මානසික තත්වය තමා තුළින්ම පහසුවෙන්ම කෙටි කාලයක් තුළ නිරාකරණය කර ගත හැකිය.නමුත් එය පාලනය කර ගත නොහැකි බව වැටහුනහොත් මෙම මානසික තත්වය පිළිබදව තම පවුලේ අය,සමීපතම යහලුවකු හෝ මනෝ උපදේශකයකුගෙන් උපදෙස් පැතීම යෝග්‍ය වේ.

කෙසේ වෙතත් කොවිඩ්19 පමණක් නොව ජීවිතයට මොනයම් ආකාරයේ වුව අභියෝගයකට, ගැටලුවකට මුහුණ දීමට තරම් අප රටේ තාරුණ්‍ය ශක්තිමත් ය.එබැවින් මේ ගෙවෙන කාලය තුළ කාංසාවට පරාජය නොවී බලපොරොත්තු ඉටු කර ගන්න පියවරක් ඉදිරියට තබමු.

Comments

Popular Posts