අතරමග අතරමං
ජීවිතේ හරි සරල විදිහට ගෙවුණා.හැබැයි අද ඊයෙ නම් නෙවෙයි.අදට අවුරුදු දහස් ගාණකට කලින්.දැන් අපි නවීකරනය වෙලා. අපෙ වචනෙන් කීවොත් නැට්ට හැලිලා පොෂ් වෙලා.මේ කියන නැට්ට හැලුන ගමන් අපි අපේ සරලකමෙන් ඈත් වුණා.කන්න අදින්න ජීවත් වෙන්න තිබුණ සීමිත අවශ්‍යතාවයන් අසීමිත ආශාවන් බවට පත් වුණා.ආදි මුතුන් මිත්තන් සරලව සතුටින් හිටපු ජීවිතේ දැන් කාලෙ ජීවත් වෙන හැම ප්රාණියෙකුටම හීන වලට විතරක් සීමා වෙලා. පොඩ්ඩකට නතරවෙන්න...ඉන්න තැනම පහසු විදිහකට වාඩි වෙලා මේ පුන්චි දේ කරලා බලන්න. හිතන්න ඔයා අතරමං වෙනවනම් කොහෙහරි ඒ අතරමං වෙන්න කැමති තැන හෝ දෙය මොකක්ද කියලා...................................... දැන් අපි හැමෝම අපි කැමතිම තැන තමයි ඉස්සර වෙලාම අතරමං වෙන්නෙ.ගොඩක් අය අතරමං වෙන්න ඇත්තෙ තමන්ගෙ කැමතිම හීන වල නැත්නම් තමන්ගෙ අනාගතෙ. අනාගෙතේ ගැන තියන හීන අස්සෙ අතරමං වුණ අයත් නැත්තෙ නෑ. තවත් අය කැමතිම පොතක,කැමතිම චිත්රපටයකයක් අතරමං වෙන්න ඇති. නතර වුණ එකේ තව තත්පරයක් අරන් මේ ටිකත් කියවන්න.ඇත්තටම අද අපි කොරෝනා නිසා අතරමං නේද? මේක මේ විදිහට තිබුණෙ නැතත් අපි අපේ බැදීම් ඇතුළෙ අතරමං වෙලා නේද?සමහර අය තමන්ගෙ රැකියාවෙ,ත...
